දේශීය

ලිප්ටන් වටරවුමේ රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – විරෝධතා පා ගමනක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.    

සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් ඉල්ලීම් කිහිපපයක් මුල් කරගනිමින් විරෝධතාවය ආරම්භ කර තිබේ.

ආදේශක සේවකයින් වහාම ස්ථීර කිරීම, පුහුණුව නිම කළ උපස්ථායක පත්වීම් වහා ලබාදීම හා කොවිඩ් දීමනාව ලබාදීම ඇතුළු ඉල්ලීම් 13ක් සම්බන්ධයෙන් රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මඟින් විරෝධතාවයට සමගාමීව විරෝධතා පා ගමන ආරම්භ කර ඇත.

 

 

Related posts

නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගංජා සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Mohamed Dilsad

වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප දහස දක්වා ඉහළ නැංවීමට පඩිපාලක සභාවේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment