දේශීයව්‍යාපාරික

ජපානයේ රැකියා සදහා යන ශ්‍රමිකයින්ට නොමිලේ ගුවන් ටිකට්පත්

(UTV | කොළඹ) – ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 27ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අතින් ප්‍රදානය කරනු ලැබීය.

මෙම පිරිස ජපානයේ සේවා ස්ථානයන්හි පුහුණුව සදහා පිටත්වන 21 වන කණ්ඩායම වන අතර මේ පිරිසට සාත්තු සේවා අංශයේ රැකියා පුහුණුව සදහා කාන්තා ශ්‍රමිකයින් 16 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණුව සදහා පිරිමි ශ්‍රමිකයින් 11 දෙනෙකුද ඇතුළත් විය.

ජනාධිපතිතුමන් රටට ඉදිරිපත් කළ “රට හදන සෞභාග්‍යයේ දැක්ම”ට අනුව විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් පමණක් යොමු කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ලබාදුන් උපදෙස් අනුව යමින් දෙරට අතර ඇති කර ගත් එකගතාවයන්ට අනුව කාර්යාංශය විසින් විශේෂ පුහුණු වැඩසටහන් හා රැකියා ලබාදීමේ ක්‍රමවේදයක් මෙම ශ්‍රමිකයින් සම්බන්ධයෙන් හඳුන්වා දී තිබේ.

මෙම පුහුණුලාභීන් සදහා කාර්යාංශයේ රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ හා බදුල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නේවාසිකව මාස 4 ක පුහුණුව ලබාදී ජපන් භාෂාව, ජපානයේ ජීවත්වන අයුරු, සංස්කෘතිය හා රැකියාව සම්බන්ධයෙන් අවශ්‍ය වන දැනුම ලබාදී තිබෙන අතර, ජපන් භාෂාව කතා කිරීමට හා ලිවීමට විශේෂ පුහුණුවක්ද එමගින් ලබාදී ඇත.

මෙම පුහුණු ලාභීන් ජපානය බලා පිටත්විමට පෙර නවලෝක රෝහලේ වෛද්‍ය ලක්ෂ්මන් ජයමහ විසින් දැනුවත් කිරීමේ වැඩසටහනකටද යොමු කළ අතර, එහිදී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද විශේෂයෙන් කරුණු පැහැදිලි කර, මුඛ ආවරණද බෙදා දෙන ලදී.

Related posts

එජාපයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමක් අද

Mohamed Dilsad

Galaxy Note 07 යළි නව මුහුණුවරකින්

Mohamed Dilsad

ගාස්තු සංශෝධනයෙන් ලංවිම අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නැහැ – කංචන

Mohamed Dilsad

Leave a Comment