විදෙස්

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මියයයි

(UTV | ඊජිප්තුව) – ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මිය ගොස් තිබේ.

වසර 30ක පමණ කාලයක් පාලනය හොබවූ ඔහු මිය යනවිට 91 වන වියේ පසු වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු කයිරෝ නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගිය බවයි.

ඊජිප්තුවේ 1981 වසරේ සිට 2011වසර දක්වා ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක් විරෝධතා හමුවේ හමුදාව විසින් බලයෙන් පහකෙරුණු අතර ඔහු කළක් සිරගතවද සිටියේය.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 6 කෝටි 68 ලක්ෂ 47,041ක්

Mohamed Dilsad

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලබයි.

Mohamed Dilsad

සෙරෝජා ඕස්ට්‍රේලියාවට කඩා වදී

Mohamed Dilsad

Leave a Comment