විදෙස්

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලබයි.

(UTV| ජපානය) – ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස එරට ඔටුන්න හිමි නරුහිතෝ කුමරු (59) අද (01) වැඩ භාර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ, ඔහුගේ පියා වන අඛිහිතෝ අධිරාජයා ඊයේ (30) සම්ප්‍රදායික චාරිත්‍ර අනුගමනය කරමින් සිය ධූරයෙන් සමුගැනීමෙන් පසුව ය.

ඒ අනුව 59 නරුහිතෝ කුමරුට මෙහිදී පාරම්පරිකව අධිරාජ්‍යයන්ගෙන් පැවත එන අධිරාජ්‍යයෙකුගේ බලය සංකේතවත් කෙරෙන කණ්නාඩියක්, කඩුවක් සහ මැණිකක් හිමිවනු ඇති.

ජපානයේ 126 වන අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු, ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියෙකු වන අතර ඔහු ජපානයේ ඔටුන්න හිමි කුමරු බවට පත් වූයේ වයස අවුරුදු 28දී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන හය ඉක්මවයි

Mohamed Dilsad

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින සිසුන් බේරාගැනීමට තවත් උත්සහයක්

Mohamed Dilsad

පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 31 මරුට

Mohamed Dilsad

Leave a Comment