දේශීය

අල්ලස් ලබාගත් පොලිස් නිලධාරීයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙකු අල්ලස් කොමිසම විසින් වැල්අඳුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ දැව ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට මොහු රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් 12,500ක මුදලක් පළමුව ලබා ගෙන ඇති බවයි.

ඉතිරි මුදල ලබාගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවත්  සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනුතරුව ලබන 28 වන දින දක්වා රිමාන්ඩ් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

තවත් නාවිකයෙක් සුවය ලබයි

Mohamed Dilsad

ග්‍රේට් වෙස්ට(ර්)න් මරණය තවමත් අභිරහසක්

Mohamed Dilsad

Leave a Comment