දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ රැස්වේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා පත් කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද(27) රැස්වීමට නියමිතය.

ඒ අද පස්වරු 05.00ට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කරන ලද මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිලිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

මෙරට තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත්කරන ලෙසට ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව අමාත්‍යවරිය විසින් 22 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මේ සඳහා පත්කළ අතර එහි පළමු රැස්වීම අද පැවැත්වීමට නියමිතය.

 

 

Related posts

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

අද පළාත් කිහිපයකටම තද සුළං සහ වැසි

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල පුද්ගලයින් 57 ක් පිලිබඳ විමර්ශනයට

Mohamed Dilsad

Leave a Comment