දේශීය

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විශේෂ කමිටුවක්

(UTV | කොළඹ) – නීතිපති දප්පුල ද ලිවේරා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් , වැඩ තහනම් කර ඇති ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා පත්කර තිබේ.

වැඩබලන පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න විසින් අදාළ විශේෂිත කමිටුව පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට අදාළව එම කමිටුව විසින් එම විමර්ශනයේ උධෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කළ යුතු වේ.

වැඩ තහනම් කර ඇති ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ (23) උපදෙස් ලබාදුන්නේය.

Related posts

ආණ්ඩුවේ අයගේ පැන්ඩෝරා පත්‍රිකා තොරතුරු ලබන සතියේ හෙළි කරනවා – හිටපු ඇමති ගාමිණී ලොකුගේ

Editor O

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

Mohamed Dilsad

Leave a Comment