දේශීය

ලබන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ලබන සෙනසුරාදා පෙරවරු 9.00 සිට පැය 22 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවනු ලැබේ. 

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටවන අතර ඊට කොළඹ , දෙහිවල-ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල වන නගර සභා බල ප්‍රදේශ අයත්.

රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සඳහාද මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇත.

මහරගම , බොරලැස්ගමුව , කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද සෙනසුරාදා පෙරවරු 9.00 සිට ඉරිදා පෙරවරු 7.00 දක්වා ජලය සැපයීම අඩාල වනු ඇත.

Related posts

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූ 13,000කගෙන් පැමිණිලි – නීතිපති

Editor O

Leave a Comment