දේශීයව්‍යාපාරික

සහල් මිල පහළ යන ලකුණු

(UTV| කොළඹ) – මේ දිනවල වෙළඳපොළ තුළ ඉහළ මිලකට අලෙවි වන සහල් මිල ඉදිරි සතිය තුලදී පහල දැමීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හොරණ ඩිපෝවේ පැවති පොල් පැල සිටවීමේ වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන්.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සැලසුමක් අනුව සහල් මිල පාලනයට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, රාජ්‍ය ආයතනවල වෙනස්කම් සිදුකර ජනතා සේවය උපරිම අයුරින් ලබාදීමට ජනාධිපතිවරයා ගෙනයනු ලබන වැඩපිළිවෙලට සහය ලබාදිය යුතු බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.

Related posts

කටාර් රාජ්‍යයේ ගින්නකට හසුවීමෙන් මෙරට කාන්තාවක් මරුට

Mohamed Dilsad

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

Mohamed Dilsad

රජිනිකාන්ත්ට දිවයිනට එන්නයි ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment