ප්‍රමුඛ පුවත 1

දුම්රිය මාර්ග යටවීමෙන් දුම්රිය වාර 3 ක් අවලංගු කෙරේ

(UTV | කොළඹ) – දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් කොටුව සිට මඩකලපුව අතර සහ කොටුව සිට පොළොන්නරුව අතර ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය 03 ක් අවලංගු කර තිබේ.

කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා රාත්‍රී 7 ට ධාවනය කිරීමට නියමිත මීනගයා දුම්රිය අද ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊට හේතුව කැකිරාව සහ අනුරාධපුරය අතර මොරගොල්ලාගම ප්‍රදේශයේදී අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගය අවහිර වීම බවයි.

අදාළ අවහිර වීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කථානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

කඩොලාන ශාක කැපු පුද්ගලයින් අටදෙනකු නාවික හමුදා භාරයට

Mohamed Dilsad

රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment