ප්‍රමුඛ පුවත 1

රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV| කොළඹ) – ජාතික රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

රණවිරු අනුස්මරණ දින සැමරුම හෙට(19) පස්වරු 2.00 සිට රාත්‍රී 7.00 දක්වා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වේ.

ඊට අදාලව පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ කියන්නෑම් මංසන්දිය දක්වා වාහන ගමනාගමනය සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ සිට පොල්දූව මංසන්දිය හරහා කියන්නෑම් හංදිය දක්වා ගමන් කරන සියලු වාහන පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල දක්වා ගමන් කර ඉන් දකුණට හැරී පන්නිපිටිය කොට්ටාව ප්‍රධාන මාර්ගයට ඔස්සේ ගොස් සිය ගමනාගමන පහසුකම් සලසා ගැනීමට හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.

කෙසේවෙතත් ජපන් මිත්‍රත්ත්ව පාර මංසන්ධිය, පාලම් තුන මංසන්ධිය, පැලවත්ත මංසන්දිය, බදුල්ල මංසන්ධිය සහ කිඹුලාඔය මංසන්දිය අවට සාමාන්‍ය පරිදි ගමනාගමනයට විවෘත්ව ලබන බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුහද ගම්ලත් ඉල්ලා අස් වෙන බව දැන්වුවා – අධිකරණ ඇමතිනි [VIDEO]

Mohamed Dilsad

ඩෙංගු බෝ වීමේ අවධානම ඉහලට.

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට මූලික හේතුව ගැන ආරක්ෂක ලේකම් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment