විදෙස්

චිලී රාජ්‍යයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 ක් මරුට

(UTV | කොළඹ) – උතුරුදිග චිලී රාජ්‍යයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයන් විසි එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වි තවත් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චිලී රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස මීටර් 40ක් පමණ පහළ ප්‍රපාතයකට ඇදවැටී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ බසය තුළ මගීන් 50කට වැඩි පිරිසක් සිට ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් බස් රථය අනතුරට පත්වීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන අගමැති ඉල්ලා අස්වෙයි

Editor O

ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අවධානම ඉහළට

Mohamed Dilsad

Nike සමාගම සිය භාණ්ඩ අලෙවිය නවතා දමයි

Mohamed Dilsad

Leave a Comment