විදෙස්

ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අවධානම ඉහළට

(උදයම්,එංගලන්තය )  – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ආරක්ෂක අවධානම ඉහළ ගොස් ඇති බවට එරට අගමැතිනී තෙරේසා මේ පවසයි.

එරට වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වී සිදුකළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව  බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කර ඇත.

ඒ අනුව රට පුරා විශේෂ හමුදා ආරක්ෂාවක් යෙදවීමට ද පියවර ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර පොප් සංගීත ප්‍රසංගයකට ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 22 කු මියගොස් 59 දෙනෙක් තුවාල ලැබු
මේ වන  විට එම ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන ඇත.

මෙම ප්‍රහාරයට පැමිණි සැකකරු 22 හැවිරිදි සල්මාන් අබේඩි නැමැත්තෙකු බවට හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

Related posts

මාලදිවයිනේ හදිසි තත්වයක්

Mohamed Dilsad

තෙරේසා මේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

සුචී නිදහස් කරන්නැයි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කිරීමට බ්‍රිතාන්‍ය සූදානම්

Mohamed Dilsad

Leave a Comment