විදෙස්

Nike සමාගම සිය භාණ්ඩ අලෙවිය නවතා දමයි

(UTV | රුසියාව) – ලොව ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරුවෙක් වන නයිකි සමාගම රුසියාව තුළ වෙළඳ කටයුතු සිදු කිරීම මුළුමනින්ම නවතා දැමීමට තීරණය කර තිබේ.

ඒ රුසියාව යුක්රේනයට එරෙහිව අඛණ්ඩව සිදු කරන යුද ප්‍රහාර සැලකිල්ලට ගනිමින්ය.

ඇමෙරිකානු සමාගමක් වන නයිකි සතුව රුසියාව තුළ අලෙවි ප්‍රදර්ශනාගාර 1,000 ට අධික සංඛ්‍යවක් තිබෙන බවට වර්හ වී ඇත.

මේ නිසා රුසියානුවන්ට අහිමි වන රැකියා සංඛ්‍යාව සැලකිය යුතු අගයක් වනු ඇත.

මේ වන විට ලොව ප්‍රකට සන්නාම වන මැක් ඩොනල්ඩ්ස් , ස්ටාර් බකස් , සහ කොකා කෝලා ඇතුළු සමාගම් 300 ට අධික සංඛ්‍යාවක් රුසියාව තුළ වෙළඳාම අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් රුසියානු වෙළෙඳාම් ප්‍රතික්ෂේප කරන එම සමාගම් වෙනුවට නව රුසියානු දේශීය සමාගම් ස්ථාපනයටයි මේ වන විට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි.

Related posts

මාර්ෂල් දිවයිනේ පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

Mohamed Dilsad

ටැන්සානියාවේ බෝට්ටු අනතුරක්.80ක් මරුට

Mohamed Dilsad

මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment