ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් හැදුණුම්පත් ඉල්ලුම් කළ අයට නිවේදනයක්

(UTV | කොළඹ) – පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ජාතික හැදුණුම්පත් තොරතුරු තහවුරු කිරිමේ ලිපිය ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා වලංගු ලියවිල්ලක් ලෙස පිළිගැනෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජාතික හැදුණුම්පත් ලබාගැනිම සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට විශේෂිත කඩදාසියක මුද්‍රිත නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය හා ඡායාරූප සහිත ජාතික හැඳුනුම්පත් තොරතුරු ඇතුළත් තහවුරු කිරීමේ ලිපියක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මිට අමතරව, 2019 ජනාධිපතිවරණයේ නිළ ඡන්ද කාඩ්පත් දිවයින පුරා ඛෙදා හැරීම අදින් අවසන් වන අතර අද දිනය තුළදීත් ඡන්ද දායකයන්ට අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ගත හැකිය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ නිවාස පනස් හතර ලක්ෂයකට පමණ මේ වනවිට ඡන්ද කාඩ්පත් ඛෙදා හැර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හම්බන්තොට විරෝධතා පැවැත්වුවන්ට ඇප

Mohamed Dilsad

සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන 29 ඇරඹේ

Mohamed Dilsad

නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…

Mohamed Dilsad

Leave a Comment