විදෙස්

චිලී විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළිත් උග්‍ර ගැටුම්

(UTV | කොළඹ) –  චිලී රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී ඇත්තේ විරෝධතා පාලනයට පොලිසිය ගත් උත්සාහයකදීයි.

ප්‍රවාහන ගාස්තු දිගින් දිගටම ඉහල යන බැවින් මෙසේ විරෝධතා ආරම්භ කළ බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.

පසුගිය සති කිහිපයේදීම සැන්තියාගෝ අගනුවර ඇතුලු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ විරෝධතාවලින් මියගිය පිරිස 18 ඉක්මවීය.

මීට අමතරව 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයේ පසුවෙයි.

සති ගණානාවක් පුරාවට පැවැති විරෝධතාවලදි චිලී ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක පාඩුවක් සිදුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

30 ට අඩු අයට ඇස්ට්‍රා -සෙනෙකා වෙනුවට විකල්පයක්

Mohamed Dilsad

වයස්ගතම අගමැති ලෙස මහතීර් මොහොමඩ් වාර්තා තබයි

Mohamed Dilsad

රටවල් කීපයක් ඉහළින් ගුවන් යානා පියාසර කිරීම ඇමරිකාව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment