Trending News

ජනපතිවරණයේ පෝස්ටර් – බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1045 ක්

(UTV|COLOMBO) – ජනාධිපති මැතිවරණයට අදාළ නීති විරෝධීව ප‍්‍රදර්ශනය කරන පෝස්ටර්, කටවුට් හා බැනර් ඉවත් කිරීම සඳහා දිවයින පුරා පොලිස්  ස්ථාන මට්ටමින් කම්කරුවන් 1045 දෙනෙක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මුලස්ථාන පොලිසියට තිදෙනකු හා  සෙසු පොලිස් ස්ථාන සඳහා  දෙදෙනකු බැගින් මෙම කම්කරුවන්  බඳවා  ගන්නා බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

නීතිවිරෝධීව ප‍්‍රදර්ශනය කර ඇති පෝස්ටර්, කටවුට්  හා බැනර් ඉවත් කිරීම සදහා රුපියල් මිලියන 45.8  මුදලක්  වෙන්කර ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

නීති විරෝධී ආකාරයට පෝස්ටර් , බැනර්,   බැනර්  හා  වෙනත් සැරසිලි  කරන පුද්ගලයක් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවද හෙතෙම කීය.

ජනාධිපතිවරණයේ දී  පොලිතින් සැරසිලි සිදුකිරීම තහනම් බවත්  එවැනි පුද්ගලයන්ට  එරෙහිව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ ප‍්‍රතිපාදන අනුව සහ ජාතික පාරිසරික පනතේ  2017.9.01 දින 2034/37 දරණ ගැසට් නිවේදනයේ ප‍්‍රතිපාදන වලට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කීය.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சட்டவிரோத மின்சார பாவனை தண்டப்பணங்கள் மூலம் 110 மில்லியன் ரூபா வருமானம்

Mohamed Dilsad

11 districts face severe water crisis

Mohamed Dilsad

John Bolton summoned to Trump impeachment inquiry

Mohamed Dilsad

Leave a Comment