ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝධ රථයකට පොලිසියෙන් වෙඩි

(උදයම්,කොළඹ) –  අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමේ පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පල්ලෙවෙල පොලීසියේ නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.

අද අලුයම මීරිගම,මැදගම්පිටිය,පල්ලෙවෙල මාර්ගයේ ගස්පෙ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයට පමණක් සුළු හානි සිදුව ඇත.

එහි සිටි තරුණයන් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව හෙළිව ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැතිව එය ධාවනය කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

නව රජයට සංවර්ධනට සියලුදෙනාගේ සහය අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

205 කට උසස්පෙළ ප්‍රථිපල නෑ

Mohamed Dilsad

අභිමානී 2017 දී දැයක් නගන පරපුර වෙත ජනපති අතින් හරසර

Mohamed Dilsad

Leave a Comment