ප්‍රමුඛ පුවත 1

අභිමානී 2017 දී දැයක් නගන පරපුර වෙත ජනපති අතින් හරසර

(උදයම්,කොළඹ)  –  “අභිමානී 2017 – දැයක් නගන පරපුර වෙත නගමු හරසර” යන තේමාව යටතේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි වැඩබිම්වල සේවය කරන ශ්‍රමිකයින්ගේ සේවය අගයා සම්මාන ප්‍රදානය කිරීම ඊයේ(30) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදුවිය.

නාගරික ජනාවාසවල වෙසෙන හැටදහසක ජනතාවට ස්ථීර නිවහන් ලබාදීම නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. ඒ සඳහා දායක වන ශ්‍රමිකයින්ගේ වටිනාකම, කැපකිරීම නිසි ලෙස ඇගයුමට ලක් කර ගරු බුහුමනට ලක් කිරීම මෙම සම්මාන ප්‍රදානයෙහි අරමුණ වන අතර මෙහිදී හොඳම ආකෘති නිවාසවලට හිමි සම්මාන අදාළ සමාගම් සදහා ජනාධිපතිතුමා අතින් පිරිනමන ලදී.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක‍ෂ බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ – යුනෙස්කෝ සභාපති

Mohamed Dilsad

අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

සා.පෙළ ගණිතය ප්‍රශ්නපත්‍රය ගැන කොමසාරිස්ගෙන් පිළිතුරු

Mohamed Dilsad

Leave a Comment