විදෙස්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – දුෂණ චෝදනාවලට ලක්ව බලයෙන් පහ කෙරුනු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ග්වෙන් හේ අත්අඩංගුවට ගැනේ.
ඇය මේ වන විට රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දුෂණය සහ බලය අයුතු ලෙස යොදා ගැනීමේ චෝදනාව මතඇය පසුගියදා දෝෂාභියෝගයකට ලක්කරනු ලැබීය.

ඉන් පසු බලයෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය අත්අඩංගුවට ගන්න ලෙස එරට අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජනපතිනියට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල සාක්ෂි විනාශ කිරීමේ අවදානමක් පවතින බැවින් ඇය අත්අඩංගුවට ගැනීම අත්‍යාවශ්‍ය බව අධිකරණය තීන්දු කෙරුණි.

දකුණු කොරියාවේ මීළග නායකයා තෝරා ගැනීමේ ජනපතිවරණය ලබන මැයි 9 වනදා පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.

Related posts

පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් සෙයිද් අසීම් මුනීර් මේ මස අගදී ශ්‍රී ලංකාවට

Editor O

හොංකොං විශ්ව විද්‍යාලයක විරෝධතා උත්සන්න වෙයි

Mohamed Dilsad

ප්‍රේමය නිසා හැරීට ඔටුන්න අහිමි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment