ප්‍රමුඛ පුවත 1

වැහි ළිහිණි කූඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(උදයම්,නුවරඑළිය)  – වැහි ළිහිණි කූඩු කඩා අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගනී.

ඊයේ රාත්‍රීයේ හැටන් පොලිසිය කළ විශේෂ සෝදිසියකදීයි හැටන් සිංගිමලේ දුම්රිය උමගේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු විසින් දීර්ඝ කාලයක සිට එම උමං මාර්ගය තුල වැහි ළිහිණි කූඩු කඩා අලෙවි කර ඇති බව අනාවරණය කර ගැනුණි.

සැකකරු විසින් වැහි ළිහිණි කූඩු කඩා ඒවායේ තිබු බිත්තර සහ කුඩා පැටවුන් දුම්රිය මාර්ගයට දමා ගොස් ඇති ආකාරය පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මොරටුව ප්‍රදේශයෙන් අත් බෝම්බ සොයාගැනේ

Mohamed Dilsad

ජාතික නිදහස් දින සමරුම් උත්සවයට මහින්ද නෑ..

Mohamed Dilsad

සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන 29 ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment