ප්‍රමුඛ පුවත 1

දශක තුනකට පසු මෙරට වර්ඵලය ගණනය කිරීමේ ව්‍යාපෘතියක්

 

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ වර්ඵලය ගණනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ලබන වසර මුලදී වර්ගඵලය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර වසර 34 කට පසුව මෙම කටයුත්ත සිදුකිරීම මෙහි විශේෂත්වයයි.

දැනට ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර 65,610 වන අතර එය අනාවරණ වී ඇත්තේ 1985 වසරේ සිදුකළ ගණනය කිරීමේදීයි.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව සම්බන්ධ කර ගනිමින් හම්බන්තොට වරාය , කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය වැනි ඉදිකිරීම් හේතුවෙන් මේ වන විට මෙරට භූමි සීමාවන් විවිධ වෙනස්කම්වලට ලක්විය.

නවීන තාක්ෂණය යොදාගනිමින් දේශීය මිනින්දෝරුවන් විසින් ශ්‍රී ලංකාවේ වර්ග ඵලය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මැනුම්පති එස් එම්. පී. පී. සංගක්කාර මහතා කියා සිටියේය.

Related posts

පළමු පාසැල් වාරය හෙටින් අවසන්

Mohamed Dilsad

පළාත් කිහිපයකට සුළඟේ වේගය ඉහළ යයි…

Mohamed Dilsad

අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරත නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත‍්‍ර ප‍්‍රදානය කිරිමේ මහෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment