ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරිම සඳහා යොදා ගත් වෑන් රථය සගවා තබාගෙන ආධාර අනුබල දුන්බවට සැක කරන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා මොරටුව බණ්ඩාරගම ප්‍රදේශයේදී පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකරුවන් මොරටුව සහ බණ්ඩාරගම ප්‍රදේශයන්හි පදිංචි 48 හැවිරිදි සහ 51 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බව හෙළිව තිබේ.
ඔවුන් විසින් අදාල වැන් රථය පෙබරවාරි මස 06 වනදා සීදුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ව්‍යාජ අංක තහඩු සවි කර ළඟ තබාගෙන ඇත.
අනතුරුව ඔවුන් අපරාධය සිදු කිරිම සඳහා වෑන් රථය ලබාදී ඇති අතර අපරාධය සිදු කිරිමෙන් පසු ව්‍යාජ අංක තහඩු ඉවත් කර නිවැරැදි අංක තහඩු සවිකර මොරගහහේන  ප්‍රදේශයේ දමාගොස් ඇති බව පොලිසිය පවසයි.
අපරාධය සිදු කිරිම සඳහා යොදාගත් ඇදුම් ද කිදෙල්පිටිය ප්‍රදේශයේ පුළුස්සා දමා ඇති බව ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලින් අනාවරණය විය.
එම ස්ථානයේ තිබී ඔවුන් භාවිත කළ ව්‍යාජ අංක තහඩු 02ක් සහ බූට් සපත්තු ජෝඩු 06ක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.සැකකරුවන් අද (31)  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ රථ වාහන ධාවනයට සීමා

Mohamed Dilsad

වී මිල ඉහල දැමිමට අගමැති කැමැත්ත පල කරයි

Mohamed Dilsad

එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment