ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට පෙර මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් වීමට යයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයට පෙර මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් වීමට එහි අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි.

ඉතාමත් පෞද්ගලික හේතු ගණනාවක් නිසා තවදුරටත් තමන්ට මෙම වගකීම දැරිය නොහැකි බැවින් තනතුර අත්හැරීමට අපේක්ෂා කරන බවට ඔහු අපේක්ෂා කර ඇති බව පැවසේ.

ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයට පෙර ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වනු ඇතැයි කියැවේ.

මෙයට පෙරද ඔහු අවස්ථා ගණනාවකදී තනතුරෙන් ඉවත් වීමට කැමැත්ත ප්‍රකාශ කළද රජයේ ඉල්ලීම මත තනතුරේ රැඳී සිටියේය.

Related posts

මෙරට බිළිඳු මරණ අඩුවේ.

Mohamed Dilsad

රත්නපුර ෆේස්බුක් සාදයේදී මත්ද්‍රව්‍ය සමග අට දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආවා කල්ලියේ සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment