ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපයේ ජනධිපති අපේක්‍ෂක ගැන අවසන් තීන්දුව අද

(UTV |කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදීය.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධීපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

ඒ සඳහා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි 7ට ජනාධිපති නිල නිවසේදී  රැස්වෙන අතර එහිදී මේ සම්බන්ධයෙ  අවසන් තීරණයක් ගන්න බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා වට 9 ක් පමණ මීට පෙර වුණි.

කෙසේ වෙතත් මේ වන විට ගැටළුවක්ව ඇත්තේ පක්ෂයේ ලකුණ සම්බන්ධවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පොහොට්ටුව සලකුණින් ඉදිරිපත්වීමට අකමැත්ත පල කරන අතර පොදු ජන පෙරමුණ සිය ලකුණ වෙනස් කිරීමට අකමැත්ත පල කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

Mohamed Dilsad

පොලිස් අණ නොකතා පළා ගිය තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment