ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

(UTV| කොළඹ) – තවදුරටත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ දැක්වෙයි.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින් අදත් වර්ජනයේ

Mohamed Dilsad

සීනි වල පාලන මිල ඉවත් කිරීම පිළිබඳව අවධානය

Mohamed Dilsad

Leave a Comment