ප්‍රමුඛ පුවත 1

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

 

UTV | කොළඹ –  මෙවර ශිෂ්‍යත්ව විභාගය අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 2995 කදී අපේක්ෂකයන් තුන්ලක්ෂ තිස් නමදහස් තුන්සිය හැට නම දෙනෙකු මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අතර, විභාගය පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතය.

පෙරවරු 9 වනවිට අපේක්ෂකයන් ශාලාවල අසුන් ගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා දැනුම් දෙයි.

එමෙන්ම , දෙමාපියන් විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුල්වීම තහනම් වන අතර, විවේක කාලයේදී ද ඔවුන්ට විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුලු වීමට අවසර ලබා නොදෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එසේම සිසු දරුවන්ට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් ලබාදීම වඩාත් සුදුසු බවද ඒ මහතා පැවසීය.

විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථානයන්හි රාජකාරියෙහි නියුතු විභාග නිරීක්ෂකවරුන්ට ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධ නව චක්‍රලේඛය අත්හිටුවයි

Mohamed Dilsad

අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීම සඳහා කෙටුම්පතක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment