ප්‍රමුඛ පුවත 1

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් – කෘෂි කාර්ම ඇමති

(UTV| කොළඹ) – මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමානය මෙම මස නිම වන්නට පෙර ගෙන්වා අවසන් කරන ලෙස රජයේ පො‍හොර සමාගම් සඳහා උපදෙස්  ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අඩු ආදයම් ලාභී ගොවි පවුල් වෙත ස්ථිර වහලක් සදා දීමේ වැඩසටහන මඟින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සඳහා ‍සෙවිලි තහඩු ප්‍රදානය කිරීමට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව කීය.

එහි දී වැඩිදුරටත් අදහස දැක්වු අමාත්‍යවරයා මෙම මස 26වෙනිදා යුරියා මෙ.ටො.30,000ක් රැගත් නැවක් ලංකාවට එනවා. ඉන් පසු මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමානය සම්පූර්ණ වේ.

වී වගාව සඳහා පොහොර මෙ.ටො.229,526ක ප්‍රමානයක් මෙවර මහ කන්නයට අවශ්‍ය වන බවට අපට වාර්ථා වී තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර 787,259ක පමණ භූමි ප්‍රමානයක වගා කරනු ඇතැයි අපි ගණන් බලා තිබේ.

මහ කන්නයේ දී වී වගාව සඳහා යුරියා මෙ.ටො.148,162.9ක් ද, ත්‍රිපල් සුපර් පොස්පෙට් මෙ.ටො.36,530ක් සහ MOP මෙ.ටො.44,833ක් මේ වන විට ආනයනය කර තිබෙනවා. මහ කන්නය වෙනුවෙන් රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල් පොහොර සමාගම සඳහා 40%ක් ද, ලක් පොහොර සමාගම සඳහා60%ක් ද පොහොර ආනයනය සඳහා අවසර හිමිව තිබෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවර රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් යුතු පොහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවත්,  පෙර කන්නවල දී නිසි වේලාවට පොහොර නොලැබීම නිසා ගොවීන්  අපහසුතාවයන්ට ලක් වුවද මේ වසරේ දී ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට තමන් කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ අවසන් ජනරැළි හා මාධ්‍ය හමුවීම්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ජාලා වෙත පනවා තිබු බධා සියල්ල ඉවතට.

Mohamed Dilsad

අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වේ.මහජනයාට ගැලරිය විවෘතයි

Mohamed Dilsad

Leave a Comment