විදෙස්

ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 12 දෙනෙකු මරුට[VIDEO]

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ

සින්ගානාපල්ලි සිට පාපිකොන්ඩොලු බලා යාත්‍රා කරමින් තිබූ සංචාරක බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු සිට තිබේ.

ඉන් 24 දෙනෙකු මේ වනවිටත් මුදාගෙන ඇති අතර, සෙසු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරන බව ඉන්දිය වාර්තා සඳහන් කළේය.

සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් යානා දෙකක්ද යොදවා ඇති බව එම වාර්තා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මියන්මාරයේ උද්ඝෝෂණ මැද තවත් 12 ක් මරුට

Mohamed Dilsad

පිලිපීනයට අර්සලාගෙන් දැඩි බලපෑම්

Mohamed Dilsad

කොරෝනා පාලනය කළ රටවල් අතරින් ලංකාව දෙවැනි ස්ථානයට

Mohamed Dilsad

Leave a Comment