ප්‍රමුඛ පුවත 1

ගිනි අවි සහ උණ්ඩ සමඟ හමුදා සෙබලෙකු සහ හමුදා සිවිල් සේවකයෙකු අත්අඩංගුවට

(UTV|කුරුණෑගල) – යුද හමුදා සෙබළෙකු සහ යුද හමුදා සිවිල් සේවකයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීතිවිරෝධී ලෙස T56 ගිනි අවි දෙකක්, සජීව පතොරම් 10 ක් සහිත මැගසින් එකක් ඇතුලු ගිනි අවි කොටස් සහ උපකරණ ළඟ තබා ගැනීමේ චෝදනා මතයි.

කුරුණෑගල ,ගෝවා කොටුව මංසන්ධියේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පසුගිය 31 වනදා පොලිසිය විසින් සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී පැදිකරු හැඳ සිටි ජැකට්ටුවේ සඟවාගෙන සිටි ටී 56 ගිනි අවියක් සහ සජීව පතොරම් සහිත මැගසිනයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල,දාහිගමුව ප්‍රදේශයේ පදිංචි බුත්තල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන 46 හැවිරිදි යුද හමුදා සෙබළෙකි.

පසුපැදිකරු වතුපිටිවල, විජයබා පාබල රෙජිමේන්තුවේ සේවය කරන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි යුද හමුදා සිවිල් සේවකයෙකි.

නිල සුනඛයෙකු යොදවා පසුව මෙම සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂා කර ඇති අතර එහිදී තවත් ටී 56 ගිනි අවියක්, ටී 56 ගිනි අවි පිරිසිදු කිරීමේ කට්ටලයක්, ඉතාලියේ නිෂ්පාදිත වායු රයිපලයක් ඇතුලු අවි ආයුධ සහ එම උපකරණ කොටස් පොලීසිය සොයාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිල කාලය අවසන් වුවත් ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් වැඩ

Mohamed Dilsad

2019දි බිලියන දහසක ආදායම් බදු ඉලක්කයක අපේක්ෂාවක්

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවට

Mohamed Dilsad

Leave a Comment