ප්‍රමුඛ පුවත 1

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් අගමැති හමුවෙයි

(UTV| කොළඹ) – ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු දූත පිරිස සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (31) පැවැත්වුණි.

ඒ අරලියගහ මන්දිරයේදීය.

ශ්‍රී ලංකාව තුල ආගමික සහජීවනය හා සංහිදියාව ඇති කිරීම පිළිබදව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණු අතර  පසුගිය අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමඟ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරමින් ඊට සම්බන්ධ ත්‍රස්තවාදීන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් රට සාමාන්‍ය තත්වයට පත්කිරීමටත් තමා ගත් පියවර පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහලේකම් වරයාට දැනුවත් කළේය.

ජාතීන් අතර සහජීවනය ඇතිකිරීමට තමා කැපවන බව පෙන්වා දුන් ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා පසුගිය අප්‍රේල් 21 වෙනිදා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව සිය කනගාටුව පළ කළ අතර, එම ප්‍රහාරය එල්ල වී ඉතා කෙටි කලක් තුල රට සාමාන්‍ය තත්වයට පත්කිරීමට හැකිවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත  සිය ප්‍රසාදය පළ කරන ලදී.

මේ සංචාරයේදී තමනට මහා සංඝරත්නය සමග සාකච්ඡා ගණනාවක් පැවත්වීමට අවකාශ සැලසුණු බවත්, ලොවටම මෛත්‍රිය පතුරුවාලන ධර්මයක් ලෙස බුදු දහමෙහි හරයාත්මක වටිනාකම් ඒ සාකච්ඡාවන්හිදී යළි යළිත් තහවුරු වූ බවද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා වන අරමුදල උදෙසා අමෙරිකානු ඩොලර මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කරන බවද ඔහු පැවසීය.

මේ සියළු උපකාරයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඔහු  වෙත සිය ස්තුතිය පල කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි

Mohamed Dilsad

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

Mohamed Dilsad

සේනා දළඹු උවදුර යළිත් හිස ඔසවයි

Mohamed Dilsad

Leave a Comment