ප්‍රමුඛ පුවත 1

තව වසර 05කින් මෙරට නිපදවූ චන්ද්‍රිකාවක්

(UTV-කොළඹ) – රාවණා – 1 නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා, අභ්‍යවකාශ ගත කළ විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ(26) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ ආදරණීය මෑණියන්, ඔහු අධ්‍යාපනය ලැබූ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමා ආදි සිසුන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියෝය.

“මම මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. මේක කොළඹ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක්. මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපදවූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා. අපි තව වසර 05 ක් තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක් නිපදවා, ශ්‍රී ලංකාවේදීම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා.” ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මදුෂ්ගේ හා කංජිපානිගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් අතුරුදන්වූ එක් අයෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

ඇමති අජිත් පී පෙරේරාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment