ප්‍රමුඛ පුවත 1

රුපියල් බිලියන 1.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට ශ්‍රීලංකා රජයේ ගෞරවය පිරිනැමේ

(උදයම් , කොළඹ) – ණයක් වශයෙන් නොව මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් රුපියල් බිලියන 1.6ක මුදලක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා රජයට ගෞරවය පිරිනමන බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ සර්වග‍්‍රාහී වර්ධනයක් සඳහා වන නිපුණතා වැඩසටහන එළිදැක්වීමේ අවස්තාවට එක වෙමිනි.

 

ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් බ‍්‍රයිස් හචිසන් මහතාගේ සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් යුතුව ඊයේ (11) දින සර්වග‍්‍රාහී වර්ධනයක් සඳහා වන නිපුණතා වැඩසටහන එළිදැක්වීය.

 

පුහුණු වැඩසටහන් සහ රැකියා නියුක්තියන් වෙත මෙන්ම කුඩා පරිමාණයේ ව්‍යාපාර සඳහා උපදෙස් ලබා දීම ඔස්සේ ද ශ‍්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීම සඳහා වසර 4ක කාලයක් පුරා රුපියල් බිලියන 1.6ක මුදලක් මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් සැපයීමට ඔස්ටේ‍්‍රලියානු රජය කටයුතු කරයි.

 

ඉහළ නිපුණතාවකින් යුතු ශ‍්‍රම බලකායක් නිර්මාණය කර ගැනීමට මෙම වැඩසටහන තුළින් ශ‍්‍රී ලංකාවට ඉඩ සැලසෙන අතර ඒ ඔස්සේ ප‍්‍රමුඛතම සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කර ගැනීමට අවස්ථාව උදාවේ යැයි විශ්වාසය පළ කෙරේ.

 

නිපුණතා සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙන බවත්, ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක‍්‍රමයක් මෙන්ම ලොව හොඳම වෘත්තීය පුහුණු පද්ධතියක් අප රට සතුව තිබෙන බවත් මෙහිදී හචිසන් මහතා කියා සිටියේය.

Related posts

ව්‍යාජ රිදුරු බලපත්‍ර සකස් කල පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

O /l සිසුන්ගේ ජාතික හැදුනුම්පත් සැප්තැම්බරයට පෙර – පු.ලි.දෙ

Mohamed Dilsad

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

Mohamed Dilsad

Leave a Comment