ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්තානයේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 26 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය රන්මැණිකා යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පාකිස්ථාන මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය.

මිරිස්ස ධීවර වරායෙන් මෙලෙස මුහුදු ගොස් තිබුණේ, අමිල සම්පත් , පැතුම් උෂේන් , මාලන් ප්‍රියංකර , එස්.එච්.අමිල තුෂාර ,හා එච්.එච්.සමිත කුමාර යන ධීවරයින් පස් දෙනාය.

ඔවුන් මැයි මස 05 වන දා තවත් බහුධින ධීවර යාත්‍රාවකට පණිවිඩයක් ලබා දෙමින් පවසා ඇත්තේ කිසියම් විදෙස් රටක නාවික හමුදා නිලධාරින් පිරිසක් විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබ සිටින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා පිහිටි සමුපකාර සමිතිවල පවතින ගැටළු සාකච්ඡා කෙරේ

Mohamed Dilsad

කංජීපානිගේ ගෝලයෙක් අද අත්අඩංගුවට ගනි.

Mohamed Dilsad

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment