ප්‍රමුඛ පුවත 1

2019 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ….

(UTV| කොළඹ)

අලුත් අවුරුදු උදාව…

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

 

පුණ්‍ය කාලය…

අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්ව භාග 07.45 සිට එදින අපර භාග 08.33 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්ව භාග 07.45 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් 14 වැනි ඉරිදා අපර භාග 02.09 සිට අපර භාග 08.33 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

 

ආහාර පිසීම..

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපර භග 02.42 ට රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද, තිකුළු මිශ්‍ර (ඉඟුරු,ගම්මිරිස්,තිප්ප්ලි යන කුළු බඩු දමා) අග්ගලා සහ කැවුම් පිළියෙල කර ගැනීම මැනවි.

 

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය..

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපර භාග 03:54 ට රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

 

හිස තෙල් ගෑම …

අප්‍රේල් මස 17 වැනි බදාදා අපර භාග 07:40 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා පලාවන් (කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

 

රැකි රක්ෂා සඳහා පිටත්ව යාම…

අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා දින පලාවන් (කොළ) පැහැති වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල, මෝරු මිශ්‍ර කිරිබත් අනුභව කොට පූර්වභාග 04.52 ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වතු කම්කරුවන්ට අදත් ඇබැද්දියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල සනාථ කිරීම Online ක්‍රමයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක්

Mohamed Dilsad

Leave a Comment