ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල සනාථ කිරීම Online ක්‍රමයට

(UTV| කොළඹ) – දිවයිනේ සියලු රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධ කරගනිමින් මාර්ගගත ක්‍රමයකින් (Online System) සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන දියත් කිරීම ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දී සිදුකෙරුණි.

වාර්ෂිකව ලක්ෂ හයකට අධික සහතික ප්‍රමාණයක් ප්‍රතිඵල සනාථ කිරීම් සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබෙන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් දිවයිනේ කලාප කාර්යාලවලින් ලැබෙන ඉල්ලීම් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම විභාග සහතික සනාථ කිරීමේ ක්‍රියාවලිය විභාග දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර ශාඛාව මඟින් මෙතෙක් සිදුකෙරුණු අතර, සනාථ ඉල්ලීම් සිදුකොට නැවත අදාළ කාර්යාල වෙත යැවීමේ දී සිදුවන ප්‍රමාද දෝෂ, කල්ගතවීම් වළක්වා ගැනීමට මෙම Online ක්‍රමය හඳුන්වා දී තිබේ. මේ හරහා කලාප කාර්යාලවලට ප්‍රතිඵල සනාථකිරීමේ බලය විමධ්‍යගත කර ඇති අතර, මෙය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය කිසිදු ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂම ව හා ඵලදායී ව සිදුකිරීම මෙම මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ බවත්, මෙය අතිශයින් රහස්‍ය සේවාවක් වන බැවින් තොරතුරුවල ආරක්ෂාව මෙන්ම භාවිත කරන්නන් මගින් සිදුකළ හැකි වංචා පරීක්ෂා කිරීම ඇතුළු කාර්යයන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නියාමනය කළ හැකි විධිවිධාන ද මේ වනවිටත් සලසා ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් හෝමාගම කලාප කාර්යාලයේ අධ්‍යක්ෂවරයා විසින් සනාථ කරන ලද විභාග ප්‍රතිඵල ඇතුළත් සහතික පත්‍රයක් අධ්‍යාපන අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුකරන ලද අතර, දිවයින ම ආවරණය වන පරිදි මෙම මාර්ගගත ක්‍රමයට අනුව කලාප කාර්යාල මගින් ප්‍රතිඵල සනාථ කිරීම සනිටුහන් කරමින් කිලිනොච්චිය සහ කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩල සමග සජීවී ව සම්බන්ධ වෙමින් සහතික පත්‍ර සනාථ කිරීමේ කටයුතු අද නිල වශයෙන් ආරම්භ කරනු ලබයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී එස් රාධක්‍රිෂ්ණන්, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට පැමිණෙයි.

Mohamed Dilsad

2025 වන විට අධ්‍යාපනයට අය-වැයෙන් වෙන් කරන මුදල සියයට 6ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment