ප්‍රමුඛ පුවත 1

සිංහල අවුරුදු උදාවට ඇත්තේ තවත් එක දිනයක්

2019 සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තවත් දිනයක් පමණි.

හෙට(14) පූර්ව භාග 7.45ට  පුණ්‍ය කාලය එළඹෙන අතර, ඊට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවි ජ්‍යෙතිර්වේදීන් පවසයි.

තවද පුන්‍ය කාලය අපරභාග 8යි 33 දක්වා ක්‍රියාත්මක වේ.

අලූත් අවුරුදු උදාව අපරභාග 2.09ට එළඹෙන සුබ මොහොතින් සිදුවෙන අතර අහාර පිසීමේ නැකත උදාවන්නේ අපරභාග 2.42කටයි.

රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද තිකුළු මිශ්‍ර අග්ගලා සහ කැවුම් පිළියෙල කර ගැනීම මැනවි යනුවෙන් ජ්‍යෙතිෂ්‍යයේ සඳහන් වේ .

අපරභාග 3.54ට රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියළු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සුදුසු බව ජ්‍යෙතිෂ්‍යයේ තවදුරටත් දැක්වෙයි.

 

Related posts

ව්‍යාජ ඩොලර් නෝට්ටු ජාවාරමක්

Mohamed Dilsad

ජනපති විහාරස්ථාන කිහිපයකට ගොස් ආශීර්වාද ලබාගනී [VIDEO]

Mohamed Dilsad

ජනපති ඉන්දීය අගමැතිට සුබ පතයි

Mohamed Dilsad

Leave a Comment