ප්‍රමුඛ පුවත 1

වතු කම්කරුවන්ට අදත් ඇබැද්දියක්

(UTV |නුවරඑළිය) – බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් එන් සි තේ කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට  බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

තුවාල ලැබු වතු කම්කරුවන් 19 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (19) ඇතුලත් කල බව බගවන්තලාව පොලිසිය පවසයි.

අද  (19) දහවල් 12 ට පමණ මෙම වතු කම්කරුවන් තේ දළු නෙලමින් සිටියදී විශාල ගසක් මත බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිමෙන් බඹරුන් ඇවිස්සී තිබේ.

ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩයිම් ලකුණු නිකුත් වෙයි

Mohamed Dilsad

ජාතික පාසල් රැසක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට සිට

Mohamed Dilsad

තැපැල් සේවක වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment