ප්‍රමුඛ පුවත 1

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 13 ලෙඩ නිවාඩු.

(UTV| කොළඹ) – දිවයින පුරා සියලුම ගුරුවරුන් හා  විදුහල්පතිවරුන් ලබන 13 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

කොළඹ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ ඊයේ (28) තම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට එරෙහිව සහ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් හයක් මුල් කරගනිමින් මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඔවුන් සිදුකළ මෙම විරෝධතාවට පොලීසිය එල්ල කළ ප්‍රහාරය නිසා  ගුරුවරුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරන බව එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය කිහිපයක් අවලංගුයි

Mohamed Dilsad

එමිල් රන්ජන් ළමාහේවා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

කෝටියක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment