ප්‍රමුඛ පුවත 1

දුම්රිය කිහිපයක් අවලංගුයි

(UTV| කොළඹ) –  අද(20) රාත්‍රියේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර 8ක් අවලංගු කර තිබේ.

ඒ පොතුහැර ,පොල්ගහවෙල අතර දුම්රිය හරස් මාර්ගයක සිදුකරන අලූත්වැඩියාවක් හේතුවෙන් බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ අනුව රාත්‍රී 7ට කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී 8.15ට කොළඹ කොටුවෙන් තලෙයි මන්නාරම දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද මෙලෙස අවලංගු කර තිබේ.

තවද රාත්‍රී 8.30ට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සහ එහි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන තැපැල් දුම්රිය මෙන්ම 9.50ට කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලය සිට යළි කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගලහිටියේ රිය අනතුරකින් දහඅටකට තුවාල

Mohamed Dilsad

පාර්ලිමේන්තුව 14 වෙනිදා -ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

Mohamed Dilsad

Leave a Comment