ප්‍රමුඛ පුවත 1

කෝටියක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසිනි.

වැල්ලම්පිටිය පොලිස් වසමේ පන්සලහේන පාර, මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සෙයාගත් බව පොලීසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 503 මිලි ග්‍රැම් 540ක්, කොකේන් ග්‍රෑම් 66යි මිලි ග්‍රෑම් 56ක්, අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 90ක්, ඩාන්සින් ටැබ්ලට් පෙති 42ක්, ජංගම දුරකථන 10ක් සහ මුදල් රුපියල් 74,750ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

සොයාගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් අසූහය ලක්ෂ 28,000කට අධිකය.

අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු පුද්ගලයින් තිදෙනා මීතොටමුල්ල හා නාගලගම්වීදිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.ඔවුන් අද (10) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අප්‍රේල් පළමුවෙනිදාට නිකුත් වූ සුබ පැතුම් පණිවිඩය

Mohamed Dilsad

යාපනයේ මුල්‍ය ආයතනයක් කොල්ලකයි

Mohamed Dilsad

යටිනුවර වෙළඳ සැලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment