ප්‍රමුඛ පුවත 1

වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ සාකච්ඡා අසාර්ථකයි

වතු කම්කරුවෙකුගේ වැටුප තවදුරටත් ඉහළ දැමීම සම්බන්ධයෙන් පවතී සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙම සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, දමිළ ප්‍රගතිශීලි පෙරමුණේ නියෝජිතයින් සහ වතු හාම්පුතුන් එක්ව සිටි බව වාර්තාවේ.

එම සාකච්ඡාවේදී වතු කම්කරුවෙකුගේ වැටුප තවදුරටත් ඉහළ දැමිය නොහැකි බව වතු හාම්පුතුන් පවසා තිබේ.

වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ දමමින් පසුගිය 28 වන දා ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තැබු අතර ඒ අනුව දීමනා සමග වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 855ක් වේ.

නමුත් දමිල ප්‍රගිතිශීලි පෙරමුණේ නියෝජිතයින් පවසන්නේ, වතු කම්කරුවෙකුගේ වැටුප වැඩි වී ඇත්තේ රුපියල් 20කින් පමණක් බව ය.

ඒ පිළිබඳව ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමු වී පැහැදිලි කිරීමෙන් අනතුරුව වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 700ක් දක්වා ඉහළ දමමින් නිකුත් කිරීමට නියමිතව තිබූ ගැසට් නිවේදනය අත්හිටවනු ලැබුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා සිංහයන්ට ජය

Mohamed Dilsad

ඇල්පිටිය මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු අනිද්දා

Mohamed Dilsad

Leave a Comment