ගොසිප්

කාමාතුර සැකකරු පොලිසියෙන් මිදී පලා යයි

(UTV|යාපනය)  – යාපනය, නාවන්තුරෙයි ප්‍රදේශයේදී දැරියක් රැගෙන ගොස් අපචාර සිදුකිරීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිටියදී පලාගොස් තිබේ.

මෙම සැකකරු දැරියට අපචාර සිදු කිරීමෙන් පසු ප්‍රදේශවාසීන් අල්ලා  පොලීසිය වෙත බාර දී ඇත.

ඉන් අනතුරුව ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැනගොස් ඇති බව යාපනය නාවන්තුරෙයි ප්‍රදේශවාසීන් පවසයි.

මෙලෙස අපහරණයට ලක්ව කර ඇත්තේ වයස අවුරුදු 12 ක දැරියකි.

ප්‍රදේශවාසීන් පැවසූවේ සැකකරු පසුගිය 23 වැනිදා එම ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් කඩයට ‍ගොස් පැමිණෙමින් සිටියදී අදාළ දැරියට අපචාර සිදුකිරීමට උත්සහ කොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වන සැකකරු ඊයේ(30) යාපනය නාවන්තුරෙයි පොදුවෙළදපොළ භූමියේ සිටිනු දැක ප්‍රදේශවාසීන් අදාළ පුද්ගලයා අල්ලා පහරදි පොලීසිය වෙත බාරදි ඇත.

පසුව සැකකරු ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර,එහිදි සැකකරු රෝහලෙන් පැනගොස් ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

සැකකරු පැනයාම සම්බන්ධයෙන් සැකයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

Mohamed Dilsad

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

Mohamed Dilsad

රෝහිත රාජපක්ෂට ‘ආචාර්ය’ උපාධියක්

Mohamed Dilsad

Leave a Comment