ක්‍රීඩා

පකිස්ථාන් සුපර් ලීග් ශුරතාව පේෂාවර් සල්මි කණ්ඩායමට

(උදයම්,පාකිස්තානය ) – වසර අටක පසුව පාකිස්තානයේ ලාහෝර් හි පැවතී පකිස්ථාන් සුපර් ලීග් තරගාවලියේ ශුරතාව පේෂාවර් සල්මි කණ්ඩායම හිමි කර ගනී.

තරගය ඊයේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ  පැවති අතර අවසන් තරඟයේදී කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත්කිරීමට පේෂාවර් සල්මි කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් පේෂාවර් සල්මි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුුලු 06 බිද වැටී ලකුණු 148ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කුවේටා ග්ලැඩියේටර්ස් පිලට පන්දුවාර 16 යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 90 ක් පමණය.

තරඟයේ වීරයා බවට පත්වුයේ පන්දු 11කදී  දැවැන්ත හයේ පහර 03ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 28ක් ලබාගත්  පේෂාවර් සල්මි කණ්ඩායමේ කොදෙව් ක්‍රීඩක ඩැරන් සාමිය.

Related posts

තරඟ තහනම ගැන ජයසුරියගෙන් විශේෂ ප්‍රකාශයක්.

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පහතට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොවිඩ් එන්නත ලබාදීම අත්ටුවයි

Mohamed Dilsad

Leave a Comment