ක්‍රීඩා

පාකිස්තාන සංචාරය පිළිබදව අයි.සී.සී.ය ආරක්ෂක විධි විධාන ඇගයීමකට

(UTV | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකා පිළේ පාකිස්තාන සංචාරය සඳහා විනිසුරුවන් සහ තරඟ තීරකයන් පත් කිරීමට පෙර එහි ආරක්ෂක විධි විධාන ඇගයීමට ලක් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අයි.සී.සී. ය මගින් පාකිස්තාන රජය තරගාවලිය සඳහා යෙදීමට අපේක්ෂා කරන ආරක්ෂක සැලසුම් ඇගයීමට ලක් කරනු ඇති අතර උර්දු බසින් පළ වන පාකිස්ථාන පුවත්පතක් මේ බව හෙළිදරව් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

රජය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුකළ අනතුරු ඇගවීම හේතුවෙන් මෙන්ම ප්‍රබල ක්‍රීඩකයන් දස දෙනෙකු ආරක්ෂක හේතූන් මත සංචාරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ මස 27 වනදා ආරම්භ වීමට නියමිත පාකිස්තාන සංචාරය අවිනිශ්චිත වී තිබේ.

කෙසේවුවද සංචාරය සඳහා කණ්ඩායම ද මේ වන විට නම් කර අවසන් වන අතර එය අවලංගු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැත.

Related posts

LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට

Mohamed Dilsad

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාව [VIDEO]

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන  නායකත්වය රෂිඩ් ඛාන්ට

Mohamed Dilsad

Leave a Comment