විදෙස්

සියදිවි හානිකර ගැනීම වැළැක්වීමට ෆේස් බුක් මැදිහත්වීමට සුදානම්

(උදයම්,ඇමෙරිකා)  – සියදිවි හානිකර ගැනීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම මැදිහත් වීමට සුදානම් වෙයි.

ඊට කෘත්‍රිම තාක්ෂණික බුද්ධියක් හදුන්වා දීමට ෆේස්බුක් සමාගම කටයුතු කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ලොව විශාලතම සමාජජාලා වෙබ් අඩවිය වන ෆේස්බුක් භාවිත කරන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ වී ඇත.

කිසියම් පුද්ගලයෙක් සිය ෆේස්බුක් ගිණුම තුල තබන සටහන්, අනෙකුත් පුද්ගලයන් සමඟ කරනු ලබන මැසෙන්ජර් පණිවුඩ හුවමාරු පිළිබදව කෘත්‍රිම තාක්ෂණික බුද්ධිය මගින් පරික්ෂාකර සියදිවි හානිකර ගැනීම පෙළබෙන පුද්ගලයන් මෙහිදී හදුනාගනී.

ෆේස්බුක් සමාගමේ මෙම උත්සාහය වඩාත් සාර්ථක එක්ක වනු ඇති බවට බොහෝ දෙනෙකු මත පල කර ඇත.

Related posts

පිලිපීන ජනාධිපති දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කරයි

Mohamed Dilsad

ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයි

Mohamed Dilsad

ඇමෙරිකාවෙන්, සිරියාවට දැඩි ප්‍රහාර

Editor O

Leave a Comment