විදෙස්

පිලිපීන ජනාධිපති දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කරයි

(UTV | පිලිපීනය) – පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටෙර්ටේ සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී උප ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් වන බවට රොද්‍රිගෝ ඩුටෙර්ටේ පසුගියදා ප්‍රකාශ කර තිබුනත් පසුව තමන් උප ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවන බවත් සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔහුගේ දියණිය ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Related posts

චීනයේ ටොනාඩෝවකින් 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඔබාමාගේ නීති වලට ට්‍රම්ප් එරෙහි වෙයි

Mohamed Dilsad

මීයන් සහිත බර්ගර් ඇමෙරිකාවේ -(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment