ප්‍රමුඛ පුවත 1

ස්වර්ණාභරණ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඊයේ (19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නීතිවිරෝධී විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

මොහු කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද දින රාත්‍රී 11.30ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී, ඔහුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ මෙම ස්වර්ණාභරණ තොගය සොයාගෙන රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එහි රුපියල් හැට නව ලක්ෂයක් වටිනා කිලෝ ග්රැම් 01යි , ග්රැම් 150ක් බර අර්ධ වශයෙන් වැඩ නිම කළ මෙම මාල තොගයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වර්ණාභරණ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇ.ඩො සාපේක්ෂව රුපියලේ අගය අගය මාස 7කින් අවම අගයට

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment