ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් නැමති විෂ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනේ.

අද (01) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන් තිබේ.

අද අලුයම 1.48 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි  22 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික තරුණයෙක් මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුල් දෙකක, මෙම අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක් ලෙස සකස් කර සඟවා ගෙන තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදුකළ සෝදිසියකදී සොයාගනු ලැබීය.

ඒවායේ මුළු බර ග්‍රෑම් 484 ක් වන අතර, මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 58 ලක්ෂයක් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Mohamed Dilsad

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

Mohamed Dilsad

කුවේට්හි සේවයට ගොස් හිංසනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවන් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment