ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා අද යළි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට

(UTV| කොළඹ) – ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (19) දිනයේත් පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඔහුගෙන් ඊයේ (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් පැය නවයහමාරක කාලයක් පමණ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

නාලක ද සිල්වා මහතා සමඟ නීතිඥවරුන් දෙදෙනකු ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය ද ඔවුන්ට ඇතුළුවීමට අවසර දී නොමැත.

ඊයේ පෙරවරු 9.30 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝග මත නාලක ද සිල්වා මහතා එහි පෙනී සිටි අතර සහකාර පොලිස්‌ අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් ඔහුගෙන් අදාළ ප්‍රශ්න කිරීම් සටහන් කරගනු ලැබීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායක සහ අගමැති අතර හමුවක්

Mohamed Dilsad

කටුබැද්දේ සිදුවූ රිය අනතුරින් පුද්ගලයින් 08 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

ජුනි මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

Leave a Comment